විද්‍යුත් ඉගෙනුම් සහයක

විද්‍යුත් ඉගෙනුම් සහයක (පුහුණු)
E-Learning Assistant (Trainee)

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ නවෝත්පාදන අධ්‍යාපන ඒකකය මඟින් ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත විශේෂ ව්‍යාපෘතියක් වන විද්‍යුත් පුස්තකාලය (E-Library) සඳහා සහයකවරයෙක් ලෙස සම්බන්ධවීමට ඔබට අවස්ථාව ඇත.

කා සඳහා ද?
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා වඩාත් යෝග්‍ය වේ.

සුදුසුකම් මොනවා ද?
පරිගණක පිළිබඳ මූලික දැනුමක් තිබීම ප්‍රමාණවත් වේ.

රැකියාවේ ස්වභාවය ?
වසරක කොන්ත්‍රාත් කාලයක් සඳහා බඳවාගැනේ.
දිනකට සේවා කාලය පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 දක්වා වේ.
දෛනික පැමිණීමට අදාලව මාසික දීමනාවක් ලැබේ.

පැවරෙන වගකීම් ?
විද්‍යුත් පුස්තකාලය තුල සිසුන්ගේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම සහ ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම.
විද්‍යුත් පුස්තකාලය තුළ පරිගණක යන්ත්‍රයන් හි දෝෂ පිළිබඳ සොයා බැලීම.
ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට සහය දැක්වීම.
ව්‍යාපෘතියට අදාලව පවරනු ලබන අනෙකුත් කාර්යයන් ද මෙයට ඇතුළත් ය.

ප්‍රතිලාභ මොනවා ද?
පාසල් මට්ටමෙන් පවත්වනු ලබන පුහුණු සැසි සඳහා සහභාගී වීමට හැකිවීම.
අන්තර්ජාලය සහ ඉගෙනුම් සම්පත් භාවිතා කරමින් අධ්‍යාපන කටයුතු හැදෑරීමට හැකිවීම.
පුහුණු කාලය තුළ සතුටුදායක සේවාවක් ඉටු කළහොත් පරිගණක ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන වෙත උසස් අධ්‍යාපන කටයුතු හෝ රැකියා පුහුණු කටයුතු සඳහා යොමු කිරීම.

අයදුම් කරන්නේ කෙසේ ද?
පහත සඳහන් සබැඳිය මත click කර එවිට ලැබෙන පෝරමය පුරවා submit කරන්න.
click here to APPLY !

Comments

Popular posts from this blog

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය දුරස්ථ ඉගෙනුම් ඒකකය