මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම පිළිබඳ උපදෙස්....

මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ අරමුණ කුමක් ද?
  • මෙම වෙබ් අ‍ඩවිය අප විසින් නිර්මාණය කරන ලද්දේ ලැබී ඇති දීර්ඝ නිවාඩු කාලය තුළ අපගේ ආදරණීය සිසු දරු දැරියන් අධ්‍යාපන කටයුතුවල යම්තාක් දුරකට හෝ නිරතව තැබීමටය.
  • එසේ නොමැතිනම් රටෙහි පවතින වාතාවරණය හමුවේ නිවසටම සීමා වී සිටින අපගේ දරු දැරියන් ජංගම දුරකතන හෝ වෙනත් තාක්ෂණික උපාංග හරහා නොයෙක් විනෝදජනක කාර්යයන් හි පමණක් නිරතවීමේ යම් ප්‍රවණතාවයක් ඇති බැවින් එය පාසල් පටන්ගත් පසු නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමේ දී යම් දුෂ්කරතාවයක් ඇති කරනු ඇත.
මෙම වෙබ් අඩවියෙහි ඇති අභ්‍යාස සිදු කරන්නේ කෙසේ ද?
  • මෙම වෙබ් අඩවියේ එක් එක් ශ්‍රේණියට අදාලව විවිධ විෂයයන් යටතේ අප පාසලේ ගුරුභවතුන් විසින් ලබා දී ඇති පැවරුම්, ප්‍රශ්ණපත්‍ර ආදිය ඇතුළත් කර ඇති අතර තමන්ට අදාල ශ්‍රේණිය තෝරා ඒ ය‍ටතේ තමන් හදාරණ විෂයන් ට අදාල අන්තර්ගතයන් සිසු දරු දැරියන්ට ලබා ගත හැකිය.
  • එම පැවරුම් හෝ ප්‍රශ්ණ පත්‍ර සඳහා පිළිතුරු සැපයීමේ දී නිශ්චිත ක්‍රමවේදයක් අප විසින් ලබා නොදෙන අතර එම විෂයට අදාල ගුරු මහතා හෝ මහත්මිය විසින් විශේෂ උපදෙසක් ඔබ වෙත ලබා දී නොමැතිනම්, එය තමාගේ සටහන් පොතේ, වෙනත් පත්‍රයක හෝ මුද්‍රිත පිටපතක් මත පිළිතුරු ලිවීම ආදී ක්‍රම ඔබට අනුගමනය කල හැකිය.
  • එමෙන්ම තමා හදාරණ විෂයයකට අදාලව තමාගේ පන්තියට ඉගැන්වීමේ නොයෙදෙන ගුරුභවතෙක් විසින් පළ කර ඇති පැවරුම් ද ඔබ විසින් සම්පූර්ණ කරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නේ එමගින් ද ඔබගේ දැනුම මට්ටම ඉහළ නැංවාගැනීමට හැකියාව ඇති බැවිනි.
  • මීට අමතරව අප විසින් වෙනත් වෙබ් අඩවි එකතුවක් ද ඔබ වෙත ඉදිරිපත් කර ඇති අතර සිසු දරුදැරියන්ට අවශ්‍යනම් එම වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීමෙන් ද අමතර දැනුමක් ලබා ගැනීමට හැකියාව ඇත. අප වෙබ් අඩවියේ පළමු පිටුවේ ඇති "අනෙකුත් අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට මෙතැනින් පිවිසෙන්න" යන සබැඳියෙන් ඒ වෙත පිවිසීමට හැකියාව ඇත.
මෙම ක්‍රියාවලිය නිසා අන්තර්ජාල පහසුකම් සහ තාක්ෂණික උපාංග නොමැති සිසුන් ට අසාධාරණයක් සිදු වේ ද?
  • මේ මොහොතේ දී අන්තර්ජාලය සහ තාක්ෂණික උපාංග නොමැති සිසු දරු දැරියන් යම් කොටසකුත් අප අතර සිටින බව අප හොඳින් දනිමු. ඔවුනට අප විසින් උපදෙස් ලබා දී ඇත්තේ තමාට මේ මොහොතේ පවතින සම්පත්, එනම් පාසල් පෙළ පොත් සහ පෙර ලබා දී ඇති අභ්‍යාස අදියෙහි නැවත නැවත නිරතව සිටිමින් තමාගේ අධ්‍යයන කටයුතු නොකඩවා සිදු කරන ලෙස ට ය.
  • නැවත පාසල් වාරය ආරම්භ කල පසු තාක්ෂණික පහසුකම් ඇති නැති පරතරයක් පන්ති කාමරය තුළ නිර්මාණය නොවන ලෙසට හා සියලුම සිසුන්ට සාධාරණයක් වන ආකාරයට පන්ති කාමරය තුළ ඉගෙනුම් කටයුතු ආරම්භ කිරීම සිදු වන හෙයින් මෙම මොහොතේ දී ඒ පිළිබඳව කිසිඳු සැකයක් ඇති කරගත යුතු නැත.

Comments

Popular posts from this blog

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය දුරස්ථ ඉගෙනුම් ඒකකය