විද්‍යුත් ඉගෙනුම් ඒකකය - නිතර අසන ප්‍රශ්ණ

විද්‍යුත් ඉගෙනුම් ඒකකය යනු කුමක් ද?
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නූතන තාක්ෂණය යොදාගනිමින් වඩාත් ඵලදායී මට්ටමකට ගෙන ඒම වෙනුවෙන් පාසල් තොරතුරු තාක්ෂණ අංශය මූලික කරගනිමින්, පාසැල් පරිපාලනය, ගුරුභවතුන් හා සිසුදරුවන් සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක වන විශේෂ ඒකකයකි.

විද්‍යුත් ඉගෙනුම් ඒකකය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
මෙම ඒකකය මඟින් ගුරුභවතුන් සහ සිසු දරුවන් වෙත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා තාක්ෂණය යොදාගැනීම පිළිබඳ විශේෂ පුහුණු සැසි පැවැත්වීම සිදු කෙරෙන අතර ඒ සඳහා පාසල් ගුරුභවතුන් ම සම්පත් දායකයින් ලෙස යොදා ගැනීම මෙන් ම විශේෂ වැඩසටහන් සඳහා පාසලෙන් පරිබාහිර අදාල විශය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන සහ විශ්වවිද්‍යාල ආදිය සම්බන්ධ කර ගැනීම ද සිදුකරයි. එමෙන්ම ඉගෙනුම් ඉගැන්වීම් මෙන්ම පාසැල් කළමනාකරණ කටයුතු වලදී තාක්ෂණික වශයෙන් සහය වීම ද මෙම ඒකකය මඟින් සිදුකරයි.
මීට අමතරව පාසලේ සිසු දරුදැරියන් සම්බන්ධ කරගත් විද්‍යුත් ඉගෙනුම් කවය (E-Learning Circle) හරහා පාසැල් විෂය නිර්දේශයට සම්බන්ධ සහ ඉන් ඔබ්බට ගිය විශේෂ ව්‍යාපෘති සඳහා ඔවුන් ව යොමු කිරීම සිදුකරයි.

විද්‍යුත් ඉගෙනුම් ඒකකය මඟින් දැනට සිදුකරනු ලබන ව්‍යාපෘති කවරේ ද?
විද්‍යුත් ඉගෙනුම් ඒකකය හා සම්බන්ධ වීමට ඔබට හැකියාවක් තිබේ ද?
ඔව්. ඒ සඳහා අප ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. අප විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන සහ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යාපෘති සඳහා, ඔබගේ/ ඔබ ආයතනයේ/ ඔබ සංවිධානයේ දායකත්වය අප වෙත ලබා දීමට හැකියාව ඇති අතර ඒ සඳහා විද්‍යුත් ඉගෙනුම් ඒකකය භාරව කටයුතු කරන හිමාල් හපුආරච්චි ගුරු මහතා ඇමතීමෙන් ඔබට වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. ඒ මහතා සම්බන්ධ කරගත හැකි තොරතුරු පහත දැක්වේ.
දුරකතන අංක   - 0717255878
whatsapp,viber - 0717255878
Email : himalhapuarachchi@gmail.com

Comments

Popular posts from this blog

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය දුරස්ථ ඉගෙනුම් ඒකකය