වෙබ් අඩවිය භාවිතා කරන සිසුන්ගේ තොරතුරු එක්රැස් කිරීම

අප වෙබ් අඩවිය හරහා ඔබ වෙත ඉගෙනුම් ද්‍රව්‍ය ලබා දීමේ ක්‍රියාවලිය කොතෙක් දුරට සාර්ථක වූවාදැයි දැනගැනීම සඳහා වෙබ් අඩවිය පරිශීලනය කරන ලද දරු දැරියන්ගේ තොරතුරු එක්රැස් කිරීමට අප විසින් අදහස් කර ඇත. මෙහි දී ඔබගේ,
  • නම
  • ශ්‍රේණිය
  • පන්තිය
  • Email  ලිපිනය (අනිවාර්ය නොවේ)
  • අදහස් හා යෝජනා (අනිවාර්ය නොවේ)
යන කරුණු පමණක් Google Form ආධාරයෙන් එක් රැස් කරනු ඇති අතර එම තොරතුරු කිසිඳු විටක බාහිර පාර්ශවයක් අතට පත් නොවීමට අප විසින් වගබලා ගන්නෙමු. එම තොරතුරු රැස් කරනු ලබන්නේ අපගේ වෙබ් අඩවියේ සාර්ථකත්වය පිළිබඳව විශ්ලේෂණය කර බැලීමට පමණක් වන අතර Email ලිපිනය අවශ්‍යනම් පමණක් සඳහන් කල හැක්කේ අත්‍යවශ්‍ය තොරතුරක් වෙතොත් ඔබ වෙත දැනුම් දීමටය.

* රාජසිංහයේ දරුවන් සඳහා එක් පෝරමයකුත් රාජසිංහ විද්‍යාලයේ නොවන දරුවන් සඳහා තවත් පෝරමයකුත් වශයෙන් පෝරම 2 ක් පවතී. ඒ නිසා තමාට නියමිත පෝරමය පුරවා එවීමට සැලකිළිමත් වන්න.

* එමෙන්ම එක් සිසුවෙක් විසින් තොරතුරු ලබා දිය යුත්තේ එක් වරක් පමණකි.


(*රාජසිංහ විද්‍යාලයේ නොවන සිසුන් සඳහා වන පෝරමයේ ඉහත කරුණුවලට අමතරව පන්තිය සඳහන් කිරීමට නොමැති අතර පාසැල සඳහන් කිරීමට ඇත.)

ඔබ දක්වන සහයෝගයට අප බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

විද්‍යුත් ඉගෙනුම් ඒකකය,
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය.

Comments

Post a Comment

Popular posts from this blog

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය දුරස්ථ ඉගෙනුම් ඒකකය